Wednesday 9 January 2013

Right Click මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගන්නා ආකාරය.

Right Click මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගන්නා ආකාරය.

115 වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන.
මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor මෙනුව ලබා ගන්න.
27
මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell වෙත පිවිසෙන්න.

34

මීළගට Shell යන ෆෝල්ඩරය රයිට් ක්ලික් කර, ලැබෙන ඔෆ්ෂන් අතරින් New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස රයිට් ක්ලික් කල විට ලැබිය යුතු ඔෆෂනයට නමක් ලබාදෙන්න.උදා – Adobe After Effects CS4

43

54

මීළගට සාදාගත් Key එක රයිට් ක්ලික් කර New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස command යන්න සටහන් කර OK කරන්න.
63
මීළගට අවසානයේ සාදාගත් command Key එක මත ක්ලික් කර වම් පසින් දිස්වන Default අයිකනය ඩබල් ක්ලික් කරන්න.දැන් විවෘත වුනු Edit String මෙනුවෙහි Value data ස්ථානයට රයිට් ක්ලික් මෙනුවට ඇතුලත් විය යුතු වැඩසටහන පරිගණකයේ ඇති පාත් එක නිවැරදිව සටහන් කර OK කරන්න.
82
73 (1)

* යම් වැඩසටහනක පාත් එක ලබා ගැනීම සදහා කීබෝර්ඩ් එකෙහි ඇති Shift යතුර සමග අදාල වැඩසටහනේ අයිකනය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Copy as path තොරන්න.

9

some hidden programms in windows xp

some hidden programms in windows xp

1.Dr watson(DrWatson for Windows is a program error debugger that gathers information about your computer when an error (or user-mode fault) occurs with a program.)


its windows Repairing software

how to open

go to start run and then type  drwtsn32


it will show like this


Sunday 6 January 2013

Avast Internet Security නොමිලේම 2050 වෙනකම් ආරක්ෂාව

Avast Internet Security නොමිලේම 2050 වෙනකම් ආරක්ෂාව

               Hai කොහොම ද යාළුවනේ ? හුඟ දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි උණානෙ. මොකද, කොල්ල පහුගිය ටිකේ හරියට බිසී වෙලානෙ හිටියේ. කොහොම උණත් අද මම අරගෙන ආවා "Avast Internet Security" වලින් 2050 වෙනකම් නොමිලේම ආරක්ෂාව ලබා ගන්නෙ කියලා. හිහ් හිහ්.. සල්ලිවලට අරගත්ත නම් මෙච්චර කාලයක් කොහෙන්ද නේද. 

             මේ වැඩෙට ඕන කරනවා Avast Internet Security 6 සංස්කරණයක්. හැබැයි අළුත් සංස්කරණ වලට නම් මේ වැඩේ හරියන එක්ක නෑ. ඕනනම් ට්‍රයි නරල බලන්න. Avast Internet Security 6 බාගෙන Install කරගන්න. ඊට පස්සේ පිළිවෙලට මේ වැඩ ටික කරන්න.


  1.  ඊට පස්සෙ Avast එක ඕපන් කරගෙන ඒකෙ Settings ==> Troubleshooting ==> "Enable avast! self-defense module" කියන තැන තියන හරි ලකුණ ඉවත් කර ගන්න.
  2.  ආයෙත් Settings වලට ගොස් Exclusions ==> Browse යන්න එතනට මේ පාත් එකේ තියන ෆයිල් එක තෝරා දෙන්න. *C:\Program Files\AVAST Software\Avast\* (or copy this and paste in the space)
  3. දැන් Computer එක restart කරලා "Safe Mode" වෙත යන්න. Safe Mode යන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් Computer එක restart කරාට පස්සේ "F8" බොත්තම කීප සැරයක් ඔබන්න.
  4. Safe Mode වලට ලොග් උණාට පස්සෙ "C:\Program Files\AVAST Software\Avast" මේ ෆයිල් එක ඕපන් කරලා ඒකට මේ Data File එක බාගත කරගෙන ඔබා ගන්න. http://www.mediafire.com/?ba1xbce4pnl216g
  5. ඊට පස්සේ Avast Internet Security ය ඕපන් කරගෙන, ආපහු මෙතන්ට ගොස් Settings ==> Troubleshooting ==> avast! self-defense module" කියන තැන තියනට හරි ලකුණ දා ගන්න.
  6. දැන් Computer එක restart කරගෙන සුපුරුදු විදිහට ලොග් වෙන්න.
  7. ආපහු Avast Internet Security එක ඕපන් කරගෙන Maintenance ==> Subscription ==> Inset License Key. දැන් මේ ෆයිල් එක බාගත කරගෙන ‍තෝරා දෙන්න. License Key
  8. ඊට පස්සේ Summary ==> Current status දැන් ඉතිත් ඔතන රතු පාට වෙලා තියන ඔක්කම Update කරගන්න. හැබැයි Program Vision කියන එක නම් Update කරන්න එපා. එහෙම උනොත් ඔක්කම දෙල් වෙයි.

pc ekata log වෙනකොටම run වෙන්න program add/remove කරගන්න

You can prevent a lot of apps forcing Windows into chilled-molasses boot times—without uninstalling anything. Click Start, then "Run...," and type msconfig. This brings up the System Configuration Utility window. Click on the Startup tab to see a list of all the apps slated to start when you boot up Windows. Click the check mark next to any you don't want, and then click OK to save your choices.

Saturday 5 January 2013

පරිඝනකය කචල් දානවද මෙන්න විසදුම(Removes Malware,Spyware…)

Combofix |Removes Malware,Spyware…

Combofix is a freeware (a legitimate spyware remover created by sUBs), Combofix was designed to scan a computer for
known malware, spyware (SurfSideKick, QooLogic, and Look2Me as well as any other combination of the mentioned spyware
applications) and remove them,ComboFix allows the manual removal of spyware infections , It ‘s a specialized
effective cleaning tool, which is useful compared to other malware and spyware removers.After Combofix finished,a report
will be created. You can use this report to search and remove infections which are not automatically removed.

How to Use Combofix:

  • Disable or close all anti-spyware, anti-malware antivirus real-time protection
  • Download (Download) the latest official ComboFix (4.1mb) save to your desktop
  • Close all of softwares , programs running on your computer
  • Double click Combofix.exe on your desktop
  • When Combofix finished, it will create logs for you.

Friday 4 January 2013

නොමිලේ දෙන Antivirus හා Spyware tool එක

Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය බාවිතා කරන්න පුලුවන්. කලින් තිබුනු Windows Defender වගේ.

Thursday 3 January 2013

Windows Vista\Seven Password එක හොයාගැනීමට ‍flash drive එක bootable කරගැනීම (Using Ophcrack)

දැන් කියන්න යන්නේ windows Vista හරි   Seven වලදි හරි Password එක අමතක වුනාම ඒක reset කරගන්න ආකාරය නෙමෙයි, ඒ Password එක මොකක්ද කියලම අපිට බලාගන්නත් පුලුවන් විදිහක් ගැනයි කියන්න යන්නේ. මං මිට ඉස්සරලා පෝස්ට් එකක  Windows XP වල  Password එක reset කරගන්න ආකාරය කියල දුන්නා. ඒකට මෙන්න මෙතනින් යන්න පුලුවන්.

Windows Vista හෝ Windows Seven Password එක හොයාගැනීමට  ‍flash drive එක bootable කරගැනීම

පියවර 1 
ධාරිතාවය 1GB පමණ වන  ‍flash drive එකක් හොයාගන්න. එහි වැදගත් සියලුම දත්ත වල බැක්අප් එකක් පරිගණකයට ගෙන එය format කරගන්න. මෙම ඩිස්කය බූටබල් කරගත් පසු අපට එහි නැවතත් දත්ත තැන්පත් කල හැකි බැවින් ඉතිරි වන අවකාශය පිලිබදව වැඩිදුර සිතන්න එපා. නමුත් සමහර මවු පුවරැ වලට විශාල ධාරිතාවයෙන් යුත් flash drive bootable ආකාරයෙන්ගත්විට support නොකරන අවස්ථා ඇති බැවින් ඒ ගැන විමසිලිමත් වන්න. ම‍ගේ 16GB flash drive එක bootable එකක් ලෙසට භාවිතා කිරීමට මගේ මවුපුවරැව මගින් ඉඩ ලබාදුන්නේ නැති බැවින් මට 2GB flash drive එකක් භාවිතා කිරීමට සිදුවිය.

පියවර 2
ලිනක්ස් පරිසරය සහිත විවෘත මෘදුකාංගයක් වන Ophcrack Live CD 2.1.0  කියන  ISO File එක Download කරගන්න.  අපිට අවශ්‍ය නම් මේ  ISO File එක කෙලින්ම cd එකකට Burn කරගත්ත නම් ඒකෙනුත් මේ දේ කරගන්න පුලුවන්. ඒත් මම කියල දෙන්නේ Ophcrack Live CD එක bootable usb drive එකක් ලෙසින් සකස් කරගන්න ආකාරය.




පියවර 3
දැන් usboph කියන zip file එක  Download කරගන්න.  


පියවර 4
Desktop එකේ අලුත් Folder එකක් හදාගන්න.  උදා:- My work


පියවර 5
දැන් ඒ හදාගත්  My work නම් අලුත් Folder එකට usboph කියන zip file එක extract කරගන්න. 

පියවර 6
ඉන් පසුව  Ophcrack Live CD 2.1.0  කියන Download කරගත්  ISO File එක  අර  My work නම් අලුත් Folder එක මතට paste කරගන්න. දැන් ඒ Folder එක මෙන්න මේ වගේ පේන්න ඕන. 



පියවර 7
දැන් ඒ folder එක තුලම ඇති fixoph කියන bat file එක මත double click කරන්න.  Key එකක් press කරන්න කියන විට එසේ කරන්න. එවිට අර  Ophcrack ISO File එක වෙනම directory එකකට extract වෙලා තියේවි.

පියවර 8
එසේ  My work folder එක මත අලුතින් හැදුනු  Ophcrack folder එක දෙවරක් ක්ලික් කරන්න. එහි ඇති සියලුම files කොපි කරගෙන අපි bootable කිරීමට යන flash drive එක මතට  paste කරන්න. 

පියවර 9
දැන් ඒ සියල්ල flash drive එක මතට කොපි කරගත් පසු එහි ඇති makeboot නමින් ඇති  bat file එක මත double click කරන්න.  ඔබ සැලකිල්ලෙන් යුතුවම flash drive එක මතට කොපි කරගත්  දත්ත make boot කිරීම සදහා මෙය සිදු කල යුතු අතර පරිගණකයේ Desktop එක මත හැදු   My work Folder එක තුල ඇති makeboot bat file එක ක්ලික් කිරීමට යාමෙන් මෙහෙයුම් පද්ධතියේ MBR(Master Boot Record) එකට හානි වී පද්ධතිය ක්‍රියා විරහිත විමේ අවදානමක් ඇත.



පියවර 10
දැන් පියවරයන් සියල්ලම නිවැරදිව සිදුවුයේ නම් flash drive එක  bootable usb drive එකක් ලෙසින් සකස් වී ඇති. මුරපද ඇති පරිගණකය restart කර bootable drive එක ලෙස usb drive එක ලබා දෙන්න. දැන් එමගින් පනගැන්වෙන පරිගණකයේ සියලුම users ලගේ මුරපද ඔබට ලබාගත හැකි වනු ඇති. 

Wednesday 2 January 2013

Windows 7 ගැන, Windows 7 Beta ගෙන් Windows 7 RC upgrade කිරීම.


දන්නවනේ මැයි 1වෙනිදා Microsoft සමාගම Windows 7 RC (Release Candidate) නිකුත් කරා, මේක ඕනෑම කෙනෙකුට මැයි 5 වෙනිදා ඉදන් download කරන්න ලබාදෙනවා නොමිලේ (2.45GB DVD Image, ISO),  කෙටි කාලයකදී මේ download කිරීමද දෙන එක ඔවුන් විසින් නවත්වන්න පුලුවන්. එම නිසා ඉක්කමට මේක download කරගන්න. download කිරීමට ලියාපදිංචි වීමේදී ම ඔබට Windows 7 RC සදහා serial එකක් ද ඔවුන් ලබා දෙනවා, ඔබට ඕනෑම නම් පරණ Windows 7 beta හිදී ගත්ත serial එක උවද බාවිතා කරන්න පුලුවන්.  Windows 7 RC එක build 7100 (සැකසුමක්) ලෙස තමයි එළි දකිනේ, Windows 7 beta තිබුනේ 7000 build එකක් ලෙසයි. Windows 7 RC එක ඔබට වසරක් පුරා නොමිලේ බාවිතාකරනත් පුලුවන්. ඒකත් හොද දෙයක් නේ මේ හොර කොපි වින්ඩොස් බාවිතා කරනවාට වඩා. :D මේ අය මේ Windows 7 RC ලෙස දෙන්නේ Windows 7 Ultimate කියන edition එක.
, අහපු අය ගොඩක් මේ ගැන දන් දන්නවා ඇති. හැබැයි තියන එක ගැටලුවක් තමයි Microsoft සමාගම විසින්ම කියනවා Windows 7 Beta සිට Windows 7 RC දක්වා upgrade කිරීම සහය නොදක්වන බව,  Windows 7 Build 7077 සිට හා Windows Vista SP1 upgrade කිරීම පමණයි සහය දක්කවානේ කියලා. මේ අය මේක කියන්න සාදාරන හේතු තියනවා, ඔවුන් කියනේ beta හි තිබුනු ගොඩක් ගැටලු විසදූ බව හා සමහර දේවල් බොහෝ වෙනසකට ලක්වුනු නිසා Windows 7 beta සිට Windows 7 RC දක්වා කරන upgrade වලින් පසු කාලීන ගැටලු හා system stability වලට ගැටලු එන්න පුලුවන් කියලා.  ඒ කතාව හරි, මම උනත් කියනේ clean install එකක් කරන්න කියලා.
කොහොම හරි මේක කරන්නම ඕනෑම නම්, කරන්න විදියක් තියනවා.
  1. Windows 7 RC එකේ files සියල්ල HDD එකට හරි, USB Flash එකකට හරි copy කරන්න.
  2. Windows 7 RC file copy කරපු තැන තියන sources ඩිරෙක්ටරි එකට යන්න.
  3. sources කියන directory එකේ තියනවා cversion.ini කියල file එකක්, ඒක notepad/wordpad මගින් open කරන්න.
  4. මෙවැනි දෙයක් ඔබට දිස්වෙයි
    1. [HostBuild]
    1. MinClient=7077.0
    2. MinServer=7000.0
  5. දැන් එය මෙලෙස වෙනස් කර, save කරගන්න
    1. [HostBuild]
    2. MinClient=7000.0
    3. MinServer=7000.0
  6. Windows 2007 Beta සිට දැන් Windows 7 RC copy කරපු තැන ඇති setup.exe දාවනය කරන්න.
ඉහත විදියෙන් සාර්තකව Windows 7 beta එක Windows 7 RC වලට upgrade කරගන්න පුලුවන්, මතක තියාගන්න DVD එකට විතරක් 2.45GB ඉඩක් උවමනා වෙනවා, ඒවගේම upgrade එකටත් 5GB වත් Free Space ඕනේ.
තවද Windows 7 වල ඇති අලුත් දෙයක් තමයි මේ Windows XP Mode කියන, එක මේක ඇත්තටම උපකාරීවෙන්නේ Windows XP වල පමණක් දාවනයවන වැඩසටහන් Windows 7 මත දාවනය කිරීමට, නමුත් මෙය VM එකක් හා සමාණමුත් හැම application එකක්ම normal start menu එක හරහා බාවිතාකරන්න පුලුවන්, හැබැයි මේසදහා අඩුම ගානේ 2GB මතකයක්, 15GB ඉඩක් ඕනේ, මීට අමතරව ඔබේ CPU (Processor) එක hardware visualization සදහා සහය දැක්විය යුතුයි, AMD CPU එකක් නම් AMD-V ද, Intel CPU එකක් නම් Intel-VT ද තිබිය යුතුයි. සමහර අලුත් Celeron, Pentium වගේම Intel Core 2 Duo CPU ද තියනවා මේකට සහය නොදක්වන

අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි.

ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම.  ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම.
ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.

කට්ටිය කියයි දැන් virus scanner එකෙන් ස්කෑන් කරහම හරි කියලා. නෑ, මේවා රූට් කිට් (root kit) වගේ දාල හොදට හයිඩ් කරලා තමයි මේවා තියෙන්නේ, ගොඩක් ඒවා system file ඇතුලටම දාල.  අනික අපේ අය virus scanner එක ගන්න්නෙත් torrent download කරලා crack කරලා නේ :D මේය windows update වගේ දේවල්ද disable කරනවා.  හිතාගන්න බැරි ලෙඩ පරිගනක වල එන්න මේ නිසයි. අලුතෙන් install කරත් slow ගතිය, සමහර software වගේ දේවල් වැඩ නොකිරීම.
සමහර සයිට් වලට ගියපු ගමන් Alert එනවා පරිගනකයේ වයිරස් click කරන්න patch එකක් දාන්න හරි, නැත්නම් scan කරන්න කියලා. මේ ඇත්තටම කරන්නේ ඒකද ? නෑ :D මේ කරනේ බොරු alert එකක් දීලා ඔබ ලවා spyware/virus install කරන එක. තවත් කරන දෙයක් තමයි ඊමේල් එවීම. Click here to install Microsoft update etc කියලා. ලින්ක් එක click කරහම ඇති. ගොඩයි අය හිතන්නේ Firefox, Chrome බාවිතා කරහම safe කියලා, නෑ ඇත්තටම අලුත් හැකර්ලා යොදාගන්නේ එක OS හරි IE bug එකක් නොවෙයි, Flash, PDF වගේ ඒවාගේ තියන bugs ද යොදාගන්නවා. නික Firefox, Chrome වගේ ඒවාගෙත් ඕනෑ තරම් bugs තියනවා. ගොඩක් වලාවට එම සයිට් එකකට යන එක ප්‍රමාණවත් මොනවා අපි විසින් Install නොකරත්.
මේ bugs වලින් ගොඩක් ඒවා හොයාගන්න ඒ අය යොදාගන්නේ Java Script, ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි, Java Scrip/Flash Disable කරන එක. Firefox නම්. noscript යොදාගන්න. හොදට දන්නා කියන සයිට් වලට පමණක් java/Flash enable කරන්න. මොකක් හරි download කරනන් ගියහම ඒ සයිට් එකේ downloaded එකක් හරි update එකක් හරි දාන්න කියනවානම් ඒක කවදාවත් දාන්න එපා. ඔබ ඒ සයිට් එක 100% දන්න එකක් නොවේනම්.
මේ විතරක් කරලා ඇතිද ? නෑ. ගොඩක් වෙලාවට මේ අය යොදාගනේ පරිගකයේ OS එකේ හරි නැතිනම් software එකක තියන bug එකක්, ඒක නිසා කල යුතු පලමු දේ තමයි Windows Update හැම වෙලාවෙම කරන එක. ඒ වගේම application වල update ද දැමීම. OS එකේ හරි application එකේ හරි bug එකක් නැත්නම් ඒ අයට හොරෙන්ම මේවා දාන්න බෑ. නමුත්  අර හොරෙන් torrent වලින් download කරලා දාන ඒවානම් ඉතින් මොන update තිබුනත් වැඩක් නෑ.
බලමු පොඩක් මේවගේ අපි නොදැනී එක සයිට් ටිකක් හා කරදර ඇඩ් කොහොමද පොඩක් වහන්නේ කියලා, මේක windows/linux වල දෙකේම කරන්න පුලුවන්.

ඉල්ලාගෙන දාගෙන, පසුව දුක්වෙන.. පරිගනක වයිරස්!

දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්‍රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්.  බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් නොවෙයි. ඒකෙන් මේක විසදෙනවානම් මේ ලෝකේ වයිරස් වලින් තොර වෙන්න එපැයි ? දැන් අපේ අය එක වයිරස් ස්කෑනයරක් නොවෙයි, දෙක තුනක් දාගෙනනේ ඉන්නේ. රටේ නැති නම් වලට ඔය ඕනේ තරම් වයිරස් ස්කෑනර් තියෙනේ, විකුනන අයනම් කියන්නේ ඉපදෙන්න ඉන්න වයිරසුත් අල්ලනවා කියලා නේ. නමුත් ඔය වයිරස්ගාඩ දාපු පරිගනක වලටම නේද මේ වයිරස් එන්නත් ? ඇයි මෙහෙම වෙන්නේ ? අපි බලමූ. මේ ඔක්කොටම වඩා හොදම වයිරස්ගාඩ් එක තමන්මයි කියන එක දැම්ම කියන්නම් කෝ.
දන්න යකා හොදයි කියනවානේ නොදන්න යකාට වඩා, ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු මේ වයිරස් කියන්නේ මොනවද, ඒවාගෙන් මොකද්ද වෙන්නේ, ඇයි එහමෙ වෙන්නේ වගේ ඔකොම දේවල් ගැන. මුල් අවදියේ වයිරස් වලින් සිදූනේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයට බාදාකිරීම. නමුත් දැන් වයිර්ස් වලින් ඊට වඩා බොහෝ දේ සිදුවෙනවා. අපේ දත්ත සොරා ගන්නවා, අපේ පරිගනක අපි නොදැනුවත්ව ඔවුගේ ඔනෑ එපා කම් වලට බාවිතා කරනවා, පරිගනක වෙලද දැන්වීම් පෙන්වන්න යොදාගන්නවා.
දැන් වයිරස් සෑදීම හොද මුදල් උපයන මාර්ගයක් බවත පත්වෙලා.  මේවා ගොඩක් හදන්නේ මුදල් සෙවීම හා විවිද ජාල, වෙව් අඩවි අඩපණ කිරිම වැනි ක්‍රියාවලියන් සදහා. මේ ගැන අපි විවිද අවස්තාවන්වලදී Techකතා podcast එකේ කතා කරලා තියනවා.
ඉතිරිය Techකතා The Magazine අඩවියෙන් බලන්න :)