Wednesday 9 January 2013

Right Click මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගන්නා ආකාරය.

Right Click මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගන්නා ආකාරය.

115 වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන.
මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor මෙනුව ලබා ගන්න.
27
මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell වෙත පිවිසෙන්න.

34

මීළගට Shell යන ෆෝල්ඩරය රයිට් ක්ලික් කර, ලැබෙන ඔෆ්ෂන් අතරින් New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස රයිට් ක්ලික් කල විට ලැබිය යුතු ඔෆෂනයට නමක් ලබාදෙන්න.උදා – Adobe After Effects CS4

43

54

මීළගට සාදාගත් Key එක රයිට් ක්ලික් කර New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස command යන්න සටහන් කර OK කරන්න.
63
මීළගට අවසානයේ සාදාගත් command Key එක මත ක්ලික් කර වම් පසින් දිස්වන Default අයිකනය ඩබල් ක්ලික් කරන්න.දැන් විවෘත වුනු Edit String මෙනුවෙහි Value data ස්ථානයට රයිට් ක්ලික් මෙනුවට ඇතුලත් විය යුතු වැඩසටහන පරිගණකයේ ඇති පාත් එක නිවැරදිව සටහන් කර OK කරන්න.
82
73 (1)

* යම් වැඩසටහනක පාත් එක ලබා ගැනීම සදහා කීබෝර්ඩ් එකෙහි ඇති Shift යතුර සමග අදාල වැඩසටහනේ අයිකනය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Copy as path තොරන්න.

9

No comments:

Post a Comment