ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.
කට්ටිය කියයි දැන් virus scanner එකෙන් ස්කෑන් කරහම හරි කියලා. නෑ, මේවා රූට් කිට් (root kit) වගේ දාල හොදට හයිඩ් කරලා තමයි මේවා තියෙන්නේ, ගොඩක් ඒවා system file ඇතුලටම දාල. අනික අපේ අය virus scanner එක ගන්න්නෙත් torrent download කරලා crack කරලා නේ

සමහර සයිට් වලට ගියපු ගමන් Alert එනවා පරිගනකයේ වයිරස් click කරන්න patch එකක් දාන්න හරි, නැත්නම් scan කරන්න කියලා. මේ ඇත්තටම කරන්නේ ඒකද ? නෑ

මේ bugs වලින් ගොඩක් ඒවා හොයාගන්න ඒ අය යොදාගන්නේ Java Script, ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි, Java Scrip/Flash Disable කරන එක. Firefox නම්. noscript යොදාගන්න. හොදට දන්නා කියන සයිට් වලට පමණක් java/Flash enable කරන්න. මොකක් හරි download කරනන් ගියහම ඒ සයිට් එකේ downloaded එකක් හරි update එකක් හරි දාන්න කියනවානම් ඒක කවදාවත් දාන්න එපා. ඔබ ඒ සයිට් එක 100% දන්න එකක් නොවේනම්.
මේ විතරක් කරලා ඇතිද ? නෑ. ගොඩක් වෙලාවට මේ අය යොදාගනේ පරිගකයේ OS එකේ හරි නැතිනම් software එකක තියන bug එකක්, ඒක නිසා කල යුතු පලමු දේ තමයි Windows Update හැම වෙලාවෙම කරන එක. ඒ වගේම application වල update ද දැමීම. OS එකේ හරි application එකේ හරි bug එකක් නැත්නම් ඒ අයට හොරෙන්ම මේවා දාන්න බෑ. නමුත් අර හොරෙන් torrent වලින් download කරලා දාන ඒවානම් ඉතින් මොන update තිබුනත් වැඩක් නෑ.
බලමු පොඩක් මේවගේ අපි නොදැනී එක සයිට් ටිකක් හා කරදර ඇඩ් කොහොමද පොඩක් වහන්නේ කියලා, මේක windows/linux වල දෙකේම කරන්න පුලුවන්.
No comments:
Post a Comment