Thursday 3 January 2013

Windows Vista\Seven Password එක හොයාගැනීමට ‍flash drive එක bootable කරගැනීම (Using Ophcrack)

දැන් කියන්න යන්නේ windows Vista හරි   Seven වලදි හරි Password එක අමතක වුනාම ඒක reset කරගන්න ආකාරය නෙමෙයි, ඒ Password එක මොකක්ද කියලම අපිට බලාගන්නත් පුලුවන් විදිහක් ගැනයි කියන්න යන්නේ. මං මිට ඉස්සරලා පෝස්ට් එකක  Windows XP වල  Password එක reset කරගන්න ආකාරය කියල දුන්නා. ඒකට මෙන්න මෙතනින් යන්න පුලුවන්.

Windows Vista හෝ Windows Seven Password එක හොයාගැනීමට  ‍flash drive එක bootable කරගැනීම

පියවර 1 
ධාරිතාවය 1GB පමණ වන  ‍flash drive එකක් හොයාගන්න. එහි වැදගත් සියලුම දත්ත වල බැක්අප් එකක් පරිගණකයට ගෙන එය format කරගන්න. මෙම ඩිස්කය බූටබල් කරගත් පසු අපට එහි නැවතත් දත්ත තැන්පත් කල හැකි බැවින් ඉතිරි වන අවකාශය පිලිබදව වැඩිදුර සිතන්න එපා. නමුත් සමහර මවු පුවරැ වලට විශාල ධාරිතාවයෙන් යුත් flash drive bootable ආකාරයෙන්ගත්විට support නොකරන අවස්ථා ඇති බැවින් ඒ ගැන විමසිලිමත් වන්න. ම‍ගේ 16GB flash drive එක bootable එකක් ලෙසට භාවිතා කිරීමට මගේ මවුපුවරැව මගින් ඉඩ ලබාදුන්නේ නැති බැවින් මට 2GB flash drive එකක් භාවිතා කිරීමට සිදුවිය.

පියවර 2
ලිනක්ස් පරිසරය සහිත විවෘත මෘදුකාංගයක් වන Ophcrack Live CD 2.1.0  කියන  ISO File එක Download කරගන්න.  අපිට අවශ්‍ය නම් මේ  ISO File එක කෙලින්ම cd එකකට Burn කරගත්ත නම් ඒකෙනුත් මේ දේ කරගන්න පුලුවන්. ඒත් මම කියල දෙන්නේ Ophcrack Live CD එක bootable usb drive එකක් ලෙසින් සකස් කරගන්න ආකාරය.




පියවර 3
දැන් usboph කියන zip file එක  Download කරගන්න.  


පියවර 4
Desktop එකේ අලුත් Folder එකක් හදාගන්න.  උදා:- My work


පියවර 5
දැන් ඒ හදාගත්  My work නම් අලුත් Folder එකට usboph කියන zip file එක extract කරගන්න. 

පියවර 6
ඉන් පසුව  Ophcrack Live CD 2.1.0  කියන Download කරගත්  ISO File එක  අර  My work නම් අලුත් Folder එක මතට paste කරගන්න. දැන් ඒ Folder එක මෙන්න මේ වගේ පේන්න ඕන. 



පියවර 7
දැන් ඒ folder එක තුලම ඇති fixoph කියන bat file එක මත double click කරන්න.  Key එකක් press කරන්න කියන විට එසේ කරන්න. එවිට අර  Ophcrack ISO File එක වෙනම directory එකකට extract වෙලා තියේවි.

පියවර 8
එසේ  My work folder එක මත අලුතින් හැදුනු  Ophcrack folder එක දෙවරක් ක්ලික් කරන්න. එහි ඇති සියලුම files කොපි කරගෙන අපි bootable කිරීමට යන flash drive එක මතට  paste කරන්න. 

පියවර 9
දැන් ඒ සියල්ල flash drive එක මතට කොපි කරගත් පසු එහි ඇති makeboot නමින් ඇති  bat file එක මත double click කරන්න.  ඔබ සැලකිල්ලෙන් යුතුවම flash drive එක මතට කොපි කරගත්  දත්ත make boot කිරීම සදහා මෙය සිදු කල යුතු අතර පරිගණකයේ Desktop එක මත හැදු   My work Folder එක තුල ඇති makeboot bat file එක ක්ලික් කිරීමට යාමෙන් මෙහෙයුම් පද්ධතියේ MBR(Master Boot Record) එකට හානි වී පද්ධතිය ක්‍රියා විරහිත විමේ අවදානමක් ඇත.



පියවර 10
දැන් පියවරයන් සියල්ලම නිවැරදිව සිදුවුයේ නම් flash drive එක  bootable usb drive එකක් ලෙසින් සකස් වී ඇති. මුරපද ඇති පරිගණකය restart කර bootable drive එක ලෙස usb drive එක ලබා දෙන්න. දැන් එමගින් පනගැන්වෙන පරිගණකයේ සියලුම users ලගේ මුරපද ඔබට ලබාගත හැකි වනු ඇති. 

No comments:

Post a Comment