Wednesday 2 January 2013

ඉල්ලාගෙන දාගෙන, පසුව දුක්වෙන.. පරිගනක වයිරස්!

දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්‍රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්.  බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් නොවෙයි. ඒකෙන් මේක විසදෙනවානම් මේ ලෝකේ වයිරස් වලින් තොර වෙන්න එපැයි ? දැන් අපේ අය එක වයිරස් ස්කෑනයරක් නොවෙයි, දෙක තුනක් දාගෙනනේ ඉන්නේ. රටේ නැති නම් වලට ඔය ඕනේ තරම් වයිරස් ස්කෑනර් තියෙනේ, විකුනන අයනම් කියන්නේ ඉපදෙන්න ඉන්න වයිරසුත් අල්ලනවා කියලා නේ. නමුත් ඔය වයිරස්ගාඩ දාපු පරිගනක වලටම නේද මේ වයිරස් එන්නත් ? ඇයි මෙහෙම වෙන්නේ ? අපි බලමූ. මේ ඔක්කොටම වඩා හොදම වයිරස්ගාඩ් එක තමන්මයි කියන එක දැම්ම කියන්නම් කෝ.
දන්න යකා හොදයි කියනවානේ නොදන්න යකාට වඩා, ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු මේ වයිරස් කියන්නේ මොනවද, ඒවාගෙන් මොකද්ද වෙන්නේ, ඇයි එහමෙ වෙන්නේ වගේ ඔකොම දේවල් ගැන. මුල් අවදියේ වයිරස් වලින් සිදූනේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයට බාදාකිරීම. නමුත් දැන් වයිර්ස් වලින් ඊට වඩා බොහෝ දේ සිදුවෙනවා. අපේ දත්ත සොරා ගන්නවා, අපේ පරිගනක අපි නොදැනුවත්ව ඔවුගේ ඔනෑ එපා කම් වලට බාවිතා කරනවා, පරිගනක වෙලද දැන්වීම් පෙන්වන්න යොදාගන්නවා.
දැන් වයිරස් සෑදීම හොද මුදල් උපයන මාර්ගයක් බවත පත්වෙලා.  මේවා ගොඩක් හදන්නේ මුදල් සෙවීම හා විවිද ජාල, වෙව් අඩවි අඩපණ කිරිම වැනි ක්‍රියාවලියන් සදහා. මේ ගැන අපි විවිද අවස්තාවන්වලදී Techකතා podcast එකේ කතා කරලා තියනවා.
ඉතිරිය Techකතා The Magazine අඩවියෙන් බලන්න :)

No comments:

Post a Comment