Wednesday 2 January 2013

Windows 7 ගැන, Windows 7 Beta ගෙන් Windows 7 RC upgrade කිරීම.


දන්නවනේ මැයි 1වෙනිදා Microsoft සමාගම Windows 7 RC (Release Candidate) නිකුත් කරා, මේක ඕනෑම කෙනෙකුට මැයි 5 වෙනිදා ඉදන් download කරන්න ලබාදෙනවා නොමිලේ (2.45GB DVD Image, ISO),  කෙටි කාලයකදී මේ download කිරීමද දෙන එක ඔවුන් විසින් නවත්වන්න පුලුවන්. එම නිසා ඉක්කමට මේක download කරගන්න. download කිරීමට ලියාපදිංචි වීමේදී ම ඔබට Windows 7 RC සදහා serial එකක් ද ඔවුන් ලබා දෙනවා, ඔබට ඕනෑම නම් පරණ Windows 7 beta හිදී ගත්ත serial එක උවද බාවිතා කරන්න පුලුවන්.  Windows 7 RC එක build 7100 (සැකසුමක්) ලෙස තමයි එළි දකිනේ, Windows 7 beta තිබුනේ 7000 build එකක් ලෙසයි. Windows 7 RC එක ඔබට වසරක් පුරා නොමිලේ බාවිතාකරනත් පුලුවන්. ඒකත් හොද දෙයක් නේ මේ හොර කොපි වින්ඩොස් බාවිතා කරනවාට වඩා. :D මේ අය මේ Windows 7 RC ලෙස දෙන්නේ Windows 7 Ultimate කියන edition එක.
, අහපු අය ගොඩක් මේ ගැන දන් දන්නවා ඇති. හැබැයි තියන එක ගැටලුවක් තමයි Microsoft සමාගම විසින්ම කියනවා Windows 7 Beta සිට Windows 7 RC දක්වා upgrade කිරීම සහය නොදක්වන බව,  Windows 7 Build 7077 සිට හා Windows Vista SP1 upgrade කිරීම පමණයි සහය දක්කවානේ කියලා. මේ අය මේක කියන්න සාදාරන හේතු තියනවා, ඔවුන් කියනේ beta හි තිබුනු ගොඩක් ගැටලු විසදූ බව හා සමහර දේවල් බොහෝ වෙනසකට ලක්වුනු නිසා Windows 7 beta සිට Windows 7 RC දක්වා කරන upgrade වලින් පසු කාලීන ගැටලු හා system stability වලට ගැටලු එන්න පුලුවන් කියලා.  ඒ කතාව හරි, මම උනත් කියනේ clean install එකක් කරන්න කියලා.
කොහොම හරි මේක කරන්නම ඕනෑම නම්, කරන්න විදියක් තියනවා.
  1. Windows 7 RC එකේ files සියල්ල HDD එකට හරි, USB Flash එකකට හරි copy කරන්න.
  2. Windows 7 RC file copy කරපු තැන තියන sources ඩිරෙක්ටරි එකට යන්න.
  3. sources කියන directory එකේ තියනවා cversion.ini කියල file එකක්, ඒක notepad/wordpad මගින් open කරන්න.
  4. මෙවැනි දෙයක් ඔබට දිස්වෙයි
    1. [HostBuild]
    1. MinClient=7077.0
    2. MinServer=7000.0
  5. දැන් එය මෙලෙස වෙනස් කර, save කරගන්න
    1. [HostBuild]
    2. MinClient=7000.0
    3. MinServer=7000.0
  6. Windows 2007 Beta සිට දැන් Windows 7 RC copy කරපු තැන ඇති setup.exe දාවනය කරන්න.
ඉහත විදියෙන් සාර්තකව Windows 7 beta එක Windows 7 RC වලට upgrade කරගන්න පුලුවන්, මතක තියාගන්න DVD එකට විතරක් 2.45GB ඉඩක් උවමනා වෙනවා, ඒවගේම upgrade එකටත් 5GB වත් Free Space ඕනේ.
තවද Windows 7 වල ඇති අලුත් දෙයක් තමයි මේ Windows XP Mode කියන, එක මේක ඇත්තටම උපකාරීවෙන්නේ Windows XP වල පමණක් දාවනයවන වැඩසටහන් Windows 7 මත දාවනය කිරීමට, නමුත් මෙය VM එකක් හා සමාණමුත් හැම application එකක්ම normal start menu එක හරහා බාවිතාකරන්න පුලුවන්, හැබැයි මේසදහා අඩුම ගානේ 2GB මතකයක්, 15GB ඉඩක් ඕනේ, මීට අමතරව ඔබේ CPU (Processor) එක hardware visualization සදහා සහය දැක්විය යුතුයි, AMD CPU එකක් නම් AMD-V ද, Intel CPU එකක් නම් Intel-VT ද තිබිය යුතුයි. සමහර අලුත් Celeron, Pentium වගේම Intel Core 2 Duo CPU ද තියනවා මේකට සහය නොදක්වන

No comments:

Post a Comment